රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (12) පස්වරුවේ දිවුරුම් දීමත් සමග ලෝක දේශපාලන ඉතිහාස පොත් අලුත් කරමින් ලෝකවාර්තාවක් පිහිටුවා ඇත.
ඒ 6 වතාවක් රටක අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ලොව එකම දේශපාලනඥයා ලෙසයි. නිදහස් ශ්‍රී ලංකාවේ 26 වන අගමැතිවරයා ලෙස අද දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙවර දිවුරුම් දෙන්නේ 6 වන වතාවටයි.
විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලවත් වූ ජනාධිපතිවරයකු යටතේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පැවති අවස්ථාවක තනි මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම ද සුවිශේෂී කාරණයකි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්