ශ්රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ අද ( 20) තේරී පත්විය.
ගොඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා අනුප්රාප්තික ජනාධිපතිවරයා තෝරගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී සිදුවිය. මෙහිදී ජනාධිපති අපේක්ෂකයින් ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ, ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම සහ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක තරග වැදුනි.
මෙහිදී මන්ත්රීවරුන් 223 දෙනකු ඡන්දය භාවිත කළ අතර රනිල් වික්රමසිංහ ඡන්ද 134, ඩලස් අලහප්පෙරුම ඡන්ද82 සහ අනුර කුමාර දිසානායක ඡන්ද03 ලබා ගත්තේය. ඡන්ද 4ක් අවලංගු විය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව