පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට, හිටපු අමාත්‍ය සාගල රත්නායකට සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනට එම කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.
හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එළඹෙන 21 වනදා ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර එදිනම හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාවද පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
එසේම හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට එළඹෙන 18 වනිදා විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ