කොළඹ වරායේ දේපළවලට හානිකර වෘත්තීය සමිති සේවකයන්ට පහරදුන් බවට චෝදනාකර පවරා තිබූ නඩුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක / අජිත් පී පෙරේරා / ආර් යෝගනාදන් සහ නලින් බණ්ඩාර මහත්වරුන් සහ වෘත්තීය සමිති නියෝජිත්යන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
නීතිපති උපදෙස් මත කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි එම නියෝගය ලබාදුන්නේ.
එවක විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් 2014 වසරේ ඔක්තෝබර් 21 වනදා කොළඹ වරායේ සිදුකල නිරීක්ෂණ චාරිකාවක් අතරතුරයි කිසියම් නොසන්සුන්තාවයක් හටගෙන තිබුණේ.
ඒ සම්බන්ධයෙන් මෙම පිරිසට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
More Stories
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්