රසායනික පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගනු ලැබූ ක්ෂණික තීන්දුව හේතුකොට ගෙන අපේ රටේ සමස්ත ගොවි ජනතාවත් පොදුවේ මුළු මහත් ජනතාවත් බරපතළ පීඩාවකට ලක්වන බවත්, මෙය ආණ්ඩුව විසින් ගනු ලැබූ අත්තනෝමතික අඥාන තීන්දුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ මෙම තීන්දුව හේතුවෙන් රටතුළ තුන් බියක් ඇතිවීමේ අවදානමට ලක් වන බවයි.
කාබනික පොහොර භාවිතය ක්ෂණිකව කළ හැක්කක් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පවසා සිටියේ ක්‍රමානුකූලව කාබනික පොහොර කෙරෙහි ගොවිජනතාව යොමුකර,එය සාර්ථක වූ පසු රසායනික පොහොර නවතා දැමීම ප්‍රායෝගික බවයි.
එතෙක් ගුණාත්මක රසායනික පොහොර සහනාධාරය ලබා දිය යුතු බවද හෙතෙම පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්