රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයේ ඇති හෙරොයින් සොරාගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු බව කියන එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු රුපියල් ලක්‍ෂ දෙකකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමඟ අතුරුගිරිය පොලිසිය මගින් ඊයේ (17 වැනිදා) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු හෙරොයින් ජාවාරමේ යෙදෙන බවට ලැබුණු තොරතුරක් මත අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ අලූයම රැුකවල්ලාගෙන සිට ඇත.
ඒ අවස්ථාවේ සැකකරු යතුරු පැදියක යමින් සිටියදී ඔහු නවතා පරීක්‍ෂා කළ පොලිස් නිලධාරීන් ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 18 කට අධික ප‍්‍රමාණයක් සොයාගෙන තිබේ.
පොලිසිය අත්අඩංගුවට ගන්නා හෙරොයින් තොග පරීක්‍ෂා කිරීම සඳහා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමෙන් පසු මෙම සැකකරු ඒවායින් කොටසක් සොරාගෙන ගොස් ජාවාරම්කරුවන්ට විකුණන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි.
28 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු මාතර රන්සෑගොඩ ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සුනිලක රූපසිංහ මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි