ඊජිප්තු ජනාධිපති අබ්දල්-ෆටා අල්-සිසි සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, රෆා හරස් මාර්ගය හරහා ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීමට එකඟ වූ බව ඊජිප්තු ජනාධිපති කාර්යාලය අද (19) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
ආධාර පැමිණීම තහවුරු කිරීම සඳහා දෙරටේ අදාළ බලධාරීන් එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර මානුෂීය සංවිධාන සමඟ සම්බන්ධීකරණය කරනු ඇති බව ද එහි සඳහන් ය.
ඊජිප්තුවේ සිට වටලනු ලැබූ ගාසා තීරයට මූලික මානුෂීය ආධාර ලබා දීමට ඉඩ දෙන බව ඊශ්‍රායලයේ යුද කාලීන කැබිනට් මණ්ඩලය ඊයේ(18) තීරණය කොට ඇත.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ දකුණු ගාසා තීරයේ පිහිටි සිවිල් වැසියන් සඳහා ආහාර, ජලය සහ ඖෂධ පමණක් ලබා දෙන තාක් ඊශ්‍රායලය ඊජිප්තුවේ මානුෂීය සැපයුම්වලට බාධා නොකරනු ඇති බවයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි