රාගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ එම රෝහලේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.
මෙම නිලධාරියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශන සඳහා සහභාගී වූ නිලධාරියෙකු බව හඳුනාගෙන ඇත.
කන්දකාඩුහි උපදේශන සඳහා සහභාගී වූ මෙම තැනැත්තාද ඇතුළු උපදේශකවරුන් 32දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇත.
රෝහල් බාහිර ප්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් සියලුම සායන නවතා දමා ඇති බව වාර්ථා වෙයි.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ එම රෝහලේ නිලධාරියාගේ සමීප ආශ්‍රිතයින් බව සැලකෙන රෝහලේම සේවකයින් කිහිප දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය බලධාරින් සඳහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්