නිල් මහ සටන පැවැත්වෙන දිනයන් මෙන්න
‘‘ජෛව බුබුළු’’ ක්‍රමවේදය ඔස්සේ කොළඹ රාජකීය විද්‍යාලයේ හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ වාර්ෂික ක්‍රිකට් තරගය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දී තිබේ.
මෙම තරගය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ හා හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත. ලබන මස 9, 10, හා 11 යන තෙදින තරග පැවැත්වෙයි.
කොවිඩ් වයිරසය ආරම්භක අවදියේ ද මෙම තරගය කොළඹ දී පැවැති අතර එය දැඩි දෝෂදර්ශනයට ද ලක් විය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි