කුරූණෑගල නගර මධ්‍යයේ ඇති ඉපැරණි රජ පීල්ල උද්‍යානයත් දැන් සංවර්ධන වැඩපිළිවෙළක බිල්ලක් බවට පත්ව තිබෙන බව ප්‍රදේශවසින් චෝදනා කරනවා. කුරුණෑගල නගරයට පැමිණෙන බොහෝ දෙනෙකු විඩාව නිවා ගන්නට යන ස්ථාන අතර කුරුණෑගල නගර මැද තියෙන රජ පීල්ල උද්‍යානය ප්‍රධාන තැනක් ගනී.
නමුත් අද වනවිට ඒ වසර සිය ගණනක් පැරණි රජ පීල්ල උද්‍යානයේ ඇති විශාල ගස් කපා බිම දමා තිබේ.
මෙම ඉපැරණි රජ පීල්ල උද්‍යානය අදියර 2ක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර වන , උද්‍යානයේ ඇති ගස් ඉවත් කිරීම පෞද්ගලික ආයතනයකට භාර දී තිබේ.
රජ පීල්ල උද්‍යානයේ ඇති ගස් 28 ක් ඉවත් කිරීමට පමණක් සලකුණු කර තිබුණ ද මේ වන විට ගස් 32 කට ආසන්න ප්‍රමාණයක් කපා උගුල්ලා අවසන් ය.
මේ අතර උද්‍යානයේ තිබූ වසර සිය ගණනක් පැරණි පෞරාණික මණ්ඩපයක් ද මුළුමනින්ම කඩා දමා තිබේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි