2025 අයවැය මගින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත වැටුප් පරිමාණයට අනුව වැටුප් ගෙවීම සඳහා වන විධිවිධාන ඇතුළත් චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කර ඇති බවත්, මේ සඳහා රජය රුපියල් බිලියන 110ක මුදලක් වෙන් කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා .
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකචඡාවට එක්වෙමින් .
මෙම වැටුප් සංශෝධනවලට අදාලව රාජ්‍ය ආයතන මේ වනවිට වැටුප් සංශෝධන සිදු කරමින් පවතින බව සඳහන්කළ අමාත්‍යවරයා එළඹෙන අප්‍රේල් මස 10 වැනි දින, සියලුම රාජ්‍ය සේවකයින්ට සංශෝධිත වැටුප ලබා දීමට කටයුතු කරන බවද අවධාරණය කර සිටියා .
එසේම තවත් මාස 18කදී වැඩි කරන ලද වැටුප් ගෙවීමට පමණක් මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 330ක් වැය කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ආයතනවලට සිය වැටුප් සංශෝධනයන් මෙම දවස් 15 ක කාලසීමාව තුළදී සංශෝධනය කළ හැකි බව වැඩිදුරටත් පැවසුවා .
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්
කොළඹ ”චිකුන්ගුන්යා” ව්‍යාප්තිය ඉහළට