රාජ්‍ය ආයතනවල වියදම් මාස 6 ක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව රාජ්‍ය ආයතන වල අතිරේක වියදම් දැරීම වහාම නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි .
මේ අතර රාජ්‍ය ආයතනවලට අලුතින් සේවකයින් බඳවා ගැනීම ද නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබේ.
කොරෝනා ව්‍යාප්තියත් සමග රජයේ ආදායම විශාල ලෙස අඩු වීම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත .
මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඉකුත් සතියේ කොළඹ අරලියගහ මන්දිරයට කැඳවා, වියදම් සීමා කරන ලෙස දැනුම් දී ඇත
රජයේ ආයතනවල අතිරේක වියදම් කපා හරින ලෙසත් සේවකයින් වැඩි නොකරන ලෙසත් මුදල් ඇමතිවරයා ඔවුන්ට එහිදී දැනුම් දී ඇත .
———–Lankadeepa———–
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට