කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හික්කඩුව සුපර් කොරල් හෝටලයේ ප්‍රතිකාර ලබමින් සිටින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ පෞද්ගලික ලේකම්වරයාටද වෛරසය ආසාදනය වී ඇතැයි මේ වනවිට තහවුරු වී තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරන්නේ මොහු නිරෝධායනය සඳහා යොමු කර සිටින අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 118 දෙනාගෙන් එක් අයෙකු බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා හික්කඩුව සුපර් කොරල් හෝටලයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ තවදුරටත් කටයුතු කරමින් සිටී.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග