ශ්‍රී ලංකාවේ මේ වන විට පොල් මිල ඉහල ගොස් ඇත්තේ ලෝක වෙළද පොලේ පොල් ආශ්‍රිත නිෂ්පාදන වලට ඇති ඉල්ලුම ඉහල යාම නිසා බව පොල් ,තල් , කිතුල් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.
අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දංකොටුවේ පිහිටි සිය වත්තේ පොල් ගසකට නැගී අතර තුරේදී.
පොල් ගසේ ගෙඩි කීපයක් කඩා දැමු ඇමතිවරයා අද වන විට පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහල ගොස් ඇති අතර පොල් ගහකට නැග පොල් කඩන කම්කරුවෙකුටද රුපියල් සියයක් ලබා දිය යුතු බව පවසා සිටියා.
මෙහිදී ඇමතිවරයා කියා සිටියේ පොල් කැඩීම හා රා නිෂ්පාදනය සදහා කම්කරුවන් සොයා ගැනීමේ අපහසුතවයක්ද මේ වන විට ඇති බවයි.
අරුන්දික ප්‍රනාන්දු මහතා පොල් ගසට නැඟීම සඳහා වරකාපොල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කළ යන්ත්‍රයක් උපයෝගි කර ගැනීම ද මෙහි විශේෂත්වයක් විය.
එම උපකරණය ඉදිරි මාස කිහිපය තුළ දී මෙරටට හඳුන්වා දීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්