ඡන්ද විමසීමේ කාලසීමාව තුළ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සෘජු දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැඩිව අවධාරණය කර තිබෙනවා.
දේශපාලන අයිතිය හිමි වුව ද අහිමි වුව ද මැතිවරණ රාජකාරීවලට සෘජුවම දායකත්වය දක්වන රාජ්‍යය සේවයේ නියුතු සියලු පාර්ශව දේශපාලන කටයුතුවලින් බැහැරවිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇත්තේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක වැඩිදුරටත් දැක්වුණේ මැතිවරණයට අදාළව අපේක්ෂකයින් විසින් සංවිධානය කරනු ලබන උත්සව සඳහා වෘත්තීය සමිති නායකයින් ලෙස මෙන්ම දේශපාලන අයිතිවාසිකම් සහිත නිලධාරීන් ලෙස මාණ්ඩලික නිලධාරින් සහභාගී වී ඇති බවට කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්