කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග තාවකාලිකව අත්හිටවූ රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ ඒ අනුව අද පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්ද සළකුණු කල හැකි බවයි.
රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කල හැකියි.
රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. ලබන මස 2 වන දා දක්වා බෙදා හැරීම් කටයුතු සිදුකරන බවයි කොමිසම සඳහන් කළේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි