රාජාංගනය ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ඊයේ (27) පස්වරුවේ සිට ඉවත් කළ බව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඒ අනුව සිරිමාපුර, යාය 01හි කොටසක්, යාය 2 යන ප්‍රදේශවල මෙලෙස සංචරණ සීමා ඉවත් කිරිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.
අදාළ ප්‍රදේශවල පුද්ගල නිරෝධායන කාල සීමාවලන් ඉකුත් වීමත්, සංචරණ සීමා පනවා තිබු කාලය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීමත් යනාදී කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරින් එම ප්‍රදේශවලට පනවා තිබු සංචරණ සීමාවන් ඉවත් කිරිමට පියවර ගෙන ඇත්තේ.
රාජාංගණය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගැනීමත් සමග පසුගිය 12 වන දින සිට අදාළ ප්‍රදේශයට සංචරණ සීමා පනවනු ලැබීය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට