රාජාංගනය ප්‍රදේශයේ වයස අවුරුදු 12ක දරුවෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.
රාජාංගනය යාය 05 ප්‍රදේශයෙන් පසුගිය දා හඳුනාගනු ලැබු කොවිඩ්-19 ආසාදිත කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයා සහභාගී වු දානමය පිංකමකට පැමිණි දරුවෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.
මේ අතර කන්දකාඩු පොකුරට අදාලව පී.සී.ආර් පරීක්ෂාවට ලක්කළ 929 දෙනකුටම කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ(17) දින ප්‍රකාශ කළේය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට පැමිණි ඔවුන්ගේ පවුලේ ඥාතීන් ඇතුළු ළඟම ආශ්‍රිතයින් ද ඒ අතරට අයත්ය.
ඊයේ (17) දිනය තුළ ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගත් අතර ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු ද ඒ අතරට අයත්ය.
කොවිඩ්-19 ආසාදිතයින් ලෙස පසුගිය (16) දිනයේ දී අලුතින් රෝගීන් 13 දෙනෙකු හඳුනා ගැනුණි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි