රාජිතට දෙනවනම් රෝහිත ටත් දෙන්න

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට ඇමැති තනතුරක් දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාටද ඇමැති තනතුරක් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

“රෝහිතට නොදී රාජිතට විතරක් ඇමැති තනතුරක් දෙන්න එපා” යැයි ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

රෝහිත අබේගුණවර්ධන මහතා පක්ෂයේ දියුණුව වෙනුවෙන් විශාල කැපවීමක් කළ අයකු වන හෙයින් රාජිත සේනාරත්න මහතාට පමණක් ඇමැති තනතුරක් දුනහොත් එය රෝහිතට කරන බරපතළ අසාධාරණයක් බව පක්ෂය ජනාධිපතිවරයාට වැඩිදුරටත් දැනුම්දී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

රාජිත සේනාරත්න මහතා නව අමාත්‍ය ධුරයක් ළඟදීම බාරගැනීමට සූදානමින් සිටින බව පසුගිය සති කිහිපය පුරාම විවිධ මාධ්‍ය වාර්තා පළවිය. මේ අතර ඇමැති ධූර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නම් ලයිස්තුවක්ද කලකට පෙර ජනාධිපතිවරයාට බාරදී තිබුණේය. එම ලැයිස්තුවටද රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළත් ව සිටියේ ය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com