හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නට සහ රූමි මොහොමඩ් යන මහත්වරුන්ට ලබන 28 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.
සුදු වෑන් රථවලින් පුද්ගලයින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුකර බොරු සාක්ෂි නිර්මාණය , ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම යනාදී අධිචෝදනා සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම සිතාසි නිකුත් කර ඇත.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව