සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් උතුරේ ජනතාව වෙත නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් වූ මුදලින් රුපියල් මිලියන 124 ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලබා සිටි රාඩා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් ඇතුලු විත්තිකරුවන් 4 දෙනෙකු සියලු චෝදනාවලින් නිදහස් කළා.
අදාළ නඩුවේ අධිචෝදනාවලට සම්බන්ධ ලේඛනවල මුල් පිටපත් නොමැති බැවින් නඩුව පවත්වාගෙන යාම අසීරු බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දුන්නා.
ඒ සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කළ කොළඹ මහාධිකරණය අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කරන ලෙසයි.
රාඩා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස්, ප්‍රධාන විධායක සාලිය වික්‍රමසූරිය, එහි ගණකාධිකාරවරයෙකු වන ජයන්ත ඩයස් සහ එල් ටී ටී ඊ සංවිධානයේ මූල්‍ය ප්‍රධානියෙකු බව කියන එමිල් කාන්තම් යන අයට එරෙහිවයි නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්