එක්සත් රාජධානියට හෙටින් එළඹෙන සතිය අතිශය වැදගත් වගේම පී‍්‍රතිමත් සතියක්.
හේතුව දෙවන එලිසබෙත් රැජින සිංහාසනාරූඩ වී 70 වසක් සපිරීම මුල් කරගත් උත්සවය සංවිධානය වීම.
බි්රතාන්යයේ වෙනත් කිසිම රාජකීයයෙක් 70 වසක ධූර කාලයක් සපුරා නැහැ.
1952 පෙබරවාරි 6 වනදා දෙවන එලිසබෙත් රැජින සිහසුනට පත් වෙන්නේ වයස අවුරුදු 25 දී.
ඒ, ඇගේ පියා වූ 6 වන ජෝර්ජ් රජුගේ අභාවයෙන්.
මේ වෙනුවෙන් හෙට, ඒ කියන්නේ ජූනි 2 වැනිදා ඉදලා 5 වැනිදා දක්වා එරට දීර්ඝ බැංකු නිවාඩු සතිඅන්තයක් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා.
හෙට පෙරවරු 11 ටයි රැජින වෙනුවෙන් බකිංහැම් මාලිගයෙන් පෙලපාළිය ආරම්භ වෙන්නේ.
පළවෙනි බලඇණිය විදිහට ගමන් කරන්නේ අයර්ලන්ත ආරක්ෂක භටයින්.
සොල්දාදුවන් හා නිළධාරීන් 1,200 කට වැඩි පිරිසක් ඊට අයත්.
සිය ගණනක් හමුදා සංගීතඥයින් වගේම අශ්වාරෝහක බලඇණියේ 240 ක් විතර මේ පෙලපාළියට එක්වීමට නියමිතයි.
එරටින් ලැබෙන නවතම වාර්තා වලට අනුව රැජිනගේ ෆැටිනම් ජුබිලියට සමගාමීව සංවිධාන කර ඇති වීථි සාද ගණන 16,000 කට අධිකයි.
මේ වන විටත් රැජිනගේ 70 වසක පාලන සමයේ නිළ සැමරුමේ මහා ජුබිලි දිවා භෝජන සංග්‍රහය සදහා ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව 85,000 සක්.
කොන්වොල් ආදිපාදිවරිය හා කුමරු මේ දිවා භෝජන සංග්‍රහයට එක්වෙනනේ ලන්ඩනයේ ඕවල් හිදී.
මේ සාදය කැනඩාවේ සිට බ්‍රසීලය, දකුණු අපි‍්‍රකාව, ජපානය ඇතුළු රටවල් රැසක සංවිධාන කරල තිබෙනවා.
මේ සාදය ලොව දිගම වීථි සාදය විදිහට වාර්තා පොත් අලූත් කරනු ඇති බවයි එරටින් ලැබෙන නවතම වාර්තා වල දැක්වෙන්නේ.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ