හෙටට යෙදී ඇති 73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් දිවයින පුරා බන්ධනාගාරයේ රැඳවියන් 146 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දී තිබෙනවා.
මෙලෙස නිදහස හිමි වන්නේ දඩුවම ගෙවා ඇති වසරකට හෝ ඉන් කොටසකට මාසයක සමාවක් ලබාදීම,ගෙවීමට ඇති දඩ අහෝසි කිරීම,වයස අවුරුදු 65ට වැඩි දඩුවමින් අඩක් ගෙවා ඇති රැඳවියන්ටයි.
මේ අතර වයස අවුරුදු 50ට වැඩි වසර විසිපහකට වඩා සිර දඬුවම් විඳ ඇති රැඳවියන් නිදහස් කිරීම හා තරුණ වරදකරුවන් අතරින් තම දඬුවම් කාලයෙන් හරි අඩක් ගෙවා ඇති අයට ද නිදහස හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
පවතින කොරෝනා වසංගත තත්ත්වය සහ පසුගිය නත්තල නිමිතිකරගෙන රැඳවියන් සඳහා සමාව දීමේ හේතුවෙන් නිදහස් වීමට සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව අඩු වී තිබෙන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මෙලෙස සමාව ලැබෙන රැඳවියන්ද PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එම ප්‍රතිඵල ලද වහාම ඔවුන් නිදහස් කළ හැකි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට