රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

රියර් අද්මිරාල් කපිල සමරවීර පසුගිය සැප්තැම්බර් 12 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර තිබේ. සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

රියර් අද්මිරාල් කපිල සමරවීර දෙහිවල මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. එතුමා 1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා විධායක අංශයට එක් විය.

නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1987 වසරේ අප්‍රේල් 07 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය තාක්‍ෂණික උප ලුතිනන් පාඨමාළාව 1987 දී පාකිස්තානයේදී හදාරා ඇත. එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2016 අගෝස්තු මස 23 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ භාරධූර නිලතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර, උදාර, රණධීර, හංසයා ආදී නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන්ද රාජකාරී සිදු කොට ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com