හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීම පිළිබද වැඩිදුර විමර්ශන සිදු කළ යුතු බව නීතිපති දප්පුල ද ලිවේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දැනුම් දී තිබෙනවා.
ඒ නිතිපතිවරයාගේ කැදවීමට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප්‍රධාන විමර්ශන නිලධාරියා අද (12) පැමිණි අවස්ථාවේදීයි.
ඒ අනුව නීතිපතිවරයා එම නිලධාරීන්ට දැනුම් දුන්නේ ඒ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කර මසක් ඇතුළත විමර්ශන අවසන් කරන ලෙසයි.
රියාජ් බදියුදීන් නිදහස් කිරීම යුක්ති සහගත නොවන බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරියාට පෙන්වා දී තිබෙනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි