කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන් කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.
කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික අසළ පෙරහැර අද (05) රාත්රියේ එම දේවාලය අසලින් ආරම්භ වී වැන්දල විහාරස්ථානය දක්වා කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ විථි සංචාරය කිරීමට නියමිතය.
එම නිසා අද රාත්රී 09.00 සිට හෙට (06) අලුයම 03.00 දක්වා කාලය තුළ පෙරහැර නැරඹීට පැමිණෙන ජනතාව හා එදිනෙදා මාර්ගයේ ගමන් ගන්නා වාහන හේතුවෙන්, කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ යම් මාර්ග අවහිරතාවයක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
විකල්ප මාර්ග,
- අවිස්සාවේල්ල දෙස සිට කෑගල්ල දෙසට පැමිණෙන වාහන තල්දූව හන්දියෙන් මැදගොඩ මාර්ගයේ රුවන්වැල්ල සිට කෑගල්ල දක්වා ගමන් කළ හැකිය.
- කොළඹ දෙස සිට හැටන් දෙසට ගමන් කරන වාහන තල්දූව හන්දියෙන් මැදගොඩ මාර්ගයේ රුවන්වැල්ල, පනාපිටිය, පරුස්සැල්ල හරහා යටියන්තොට හැටන් දක්වා ගමන් කළ හැකිය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්