තණමල්විල – හම්බෙගමුව මාර්ගයේ ඇදකෝණ ප්රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.
ත්රිරෝද රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර යතුරුපැදිකරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ තිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කල කාන්තාවක් තණමල්විල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩි දුර ප්රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ හම්බෙගමුව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් පහක පුද්ගලයකු වන අතර තුවාල ලැබූවන් තණමල්විල ප්රදේශයේ පදිංචි කරුවන්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්