රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් ගත් මෝටර් රථය අද උදෑසන අනතුරට ලක්වී තිබෙනවා. හලාවත – ආණමඩුව මාර්ගයේ පල්ලම – සේරුකැළේ ප්රදේශයේදීයි අමාත්‍යවරයා අනතුරට ලක් වී ඇත්තේ.අනතුරෙන් අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර එහි රියදුරු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා හලාවත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්