රිය අනතුරු වැඩිවීමට හේතුව මෙන්න.
රිය අනතුරුවලින් ඊයේ(23) දිනයේ මරණ 8ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඉන් 3 දෙනෙකු පදිකයින් වන අතර තවත් තිදෙනෙකු යතුරුපැදිවල ගමන් කළ අය වන අතර තවත් දෙදෙනෙක් ත්‍රීරෝද රථවලින් ගමන් කළ අය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ දිනවල සිදුවන මාර්ග අනතුරුවලට ප්‍රධාන හේතු වී ඇත්තේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඒ අනුව කුඩා වාහනවල ගමන් කරන පිරිස් සහ පදිකයින් මාර්ග අනතුරුවල වින්දිතයන් බවට පත්වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බවද ඔහු සඳහන් කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්