පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ අනෙක් සැකකරුවන් දෙදෙනා ලබන සිකුරාදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් නියෝගය ලබා දුන් බවයි සිත නිවුස්24 අධිකරණ වාර්තාකරු සදහන් කළේ.
ඔවුන් විසින් ඉදිරිපත් කල ඇප ඉල්ලීම් සදහා වන නියෝගයද එදිනට ලබාදීමට නියමිතයි.
නිති විරෝධි ගිනිඅවි දෙකක් ලග තබා ගැනීමේ වරදට බන්ධනාගාර ගත කර සිටි රිෂාඩ් බදියුදීන් මහතාගේ රියැදුරන් දෙදෙනා ද ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
2019 ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පසුගියදා දෙහිවල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්