පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින රිෂාඩ් බදියුදීන් මහතා ලබන 7 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
බදියුදීන් මහතාගේ නීතිඥවරුන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා වෙනුවෙන් විශේෂ කරුණු දැක්වීමක් සිදු කිරීමිට ඇති බැවින් මෙම නඩුව කෙටි දිනයකින් කැදවන ලෙසයි. ඒ අනුවයි නඩුව නැවත ලබන 07 වනදා තෙක් කැදවීමටත් එතෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් නියම කළේ.
රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු වූ මොහොමඩ් ඉන්සාෆ් නමැති බෝම්බකරුට අයත් කෝලෝසස් නැමැති තඹ කම්හලට විශේෂ සැළකිල්ලක් දක්වා තඹ තොග ලබාදීම තුළින් ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දුන් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම