හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 21 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලා.
ඒ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළ නඩුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාව සිටිය දී පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නමැති බෝම්බකරුට අයත් තඹ කර්මාන්ත ශාලාවට විශේෂ සැලකිල්ලක් දැක්වීම එල්ලවී ඇති චෝදනාවයි.
එහිදී තඹ තොග ලබාදීම තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්