පාර්ලිමේන්තුවේ කාරක සභා වැය ශිර්ෂ විවාදය ආරම්භයේදී සම්ප්‍රදායිකව සිදුකරන රුපියල් 10 කින් අදාල අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් කපා හැරීම යෝජනා කිරීම සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රතික්ෂේප කිරීම ආණ්ඩු විපක්ෂ සියලු දෙනාගේම අවධානය දිනා ගැනීමට සමත් විය.
පුනරාවර්තන වියදම් රුපියල් 10 කින් කපා හැරීම 1947 සිට වසර 72ක් අයවැය විවාද 75කදී ගෙන ආ සම්ප්රදායක් බව පෙන්වා දුන් බුද්ධික පතිරණ මහතා එදා රුපියල් 10 කියන්නේ අද රුපියල් ලක්ෂයක් පමණ වටිනා බව ද පෙන්වා දෙමින් අද කිසිදු වටිනාකමක් නොමැති රුපියල් 10 යෝජනා කිරීම විහිලුවක් බැවින් තමා එම විහිළුව කිරීමට සූදානම් නැති බව ප්‍රකාශ කරන ලදී.
ඉන්පසු ඊට මැදිහත් වූ කතානායකවරයා සඳහන් කළේ ඕක සම්ප්රදායක්, භාරගත්ත වැඩේ විතරක් කරන්න කියාය.
ඒ අවස්ථාවේ බුද්ධික පතිරණ මහතාගේ සහයට නැගී සිට සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ රුපියල් දහයක් කැපීම සම්ප්රදායක් වුවත් එය අද ගැන සලකා බලද්දී ප්‍රයෝගික නැති බැවින් එය සංශෝධනය විය යුතු බවය.
තමා අකමැත්තෙන් වුවත් මේ වතාවෙ මෙම රුපියල් 10 කැපීමේ යෝජනාව ඉදිරිපත් කරන බවත් ඉදිරි අයවැය වලදී එවන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොතබන ලෙස ඉල්ලමින් අද (4) විවාදයට ගැනුණු කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යංශය වැය ශිර්ශ සම්බන්ධයෙන් රුපියල් 10ක් කපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්