ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබුවා.
කාසිය පැති 7ක් සහිත හැඩයකින් යුතුව ඇලුමීනියම් සහ ලෝකඩවලින් නිමවා තිබෙනවා.
කාසි 3,000ක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සඳහා භාවිත නොකෙරෙනු ඇති.
මහ බැංකු මූලස්ථානය සහ දිස්ත්‍රික් ශාඛා විසින් රුපියල් 1,300/- මුදලකට කාසිය අළෙවි කිරීමට නියමිතයි.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග