රුමේනියාවේ රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.
එසේ මියගිය සිව්දෙනාම එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් බව වාර්තා වනවා. ගින්න හටගෙන ඇත්තේ රුමේනියාවේ බුකාරස්ට් අගනුවර පිහිටි කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදෙන රෝහලක් තුළදීය.
එරට වේලාවෙන් පස්වරුවේ දී හටගත් ගින්න රෝහලේ එක් මහලක් පුරා පැතිර ගොස් තිබෙනවා. එහි වැඩිම හානිය සිදුව තිබුණේ රෝගීන් රැඳී සිටි කාමර 4කටය.
ගින්න පැතිරයාමත් සමග ක්‍රියාත්මක වූ හදිසි අංශ අදාළ මහල ජනශූන්‍ය කිරීමට පියවර ගෙන තිබෙනවා. එහිදී ඉවත්කළ පිරිස සියයකට අධිකය.
ඔවුන්ගෙන් 44දෙනෙකු ඔක්සිජන් ප්‍රතිකාර ලබමින් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම සලකා ඔවුන් බුකාරස්ට් හි වෙනත් රෝහල් වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්