දෙසැම්බර් මාසයේදී අවසන් වූ මිකී ආතර්ගෙ පුහුණුවකරු තනතුරෙන් පසුව මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර,කෙසෙ වෙතත් ඉදිරි සති දෙක තුළදී ආතර්ගේ අනුප්‍රාප්තිකයා පිළිබඳව නිලධාරීන් තීරණය කරනු ඇතැයි සිතිය නොහැක.
එම නිසා තාවකාලික වශයෙන් ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රිඩක රුමේෂ් රත්නායක නම් කරනු ඇති බවයි ආරංචි වන්නෙ.
රත්නායක මීට පෙර පුහුණුවකරු භූමිකාවන් ඉටු කර ඇත අතර, විශේෂයෙන් 2011 දී ඔහු ඕස්ට්‍රේලියානු ට්‍රෙවර් බේලිස් සහ ජෙෆ් මාෂ් අතර කාල සිමාවේදි තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කළේය.
මෑතක සිට 58 හැවිරිදි ඔහු වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස තරුණ දක්ෂතා රැසක් වර්ධනය කර ඇත. ප්‍රධාන පුහුණුකරු තනතුර පමණක් නොව, තවත් තනතුරු කිහිපයක් පුරප්පාඩු වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පාර්ශවය සමඟ අනුයුක්තව සිටින සියලුම දෙනාට ඔවුන්ගේ කාර්ය භාර සඳහා නැවත අයදුම් කරන ලෙස ඉල්ලා සිටීමට ගත් තීරණයෙන් පසුවය.
සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරගාවලිය සදහා හිටපු නායක මහේල ජයවර්ධන නැවතත් උපදේශක පුහුණුකරුවෙකු ලෙස කණ්ඩායම සමග එක්වනු ඇත.
මේ අතර හිටපු ශ්‍රී ලංකා පුහුණුවකරුවකු වන ග්රැහැම් ෆෝඩ් පසුගියදා අයර්ලන්ත ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. බොහෝ විට ලංකා කණ්ඩායමෙ පුහුණුවකාරිත්වය ඔහුට ලැබෙනු ඇතැයි අනුමාන කෙරෙ.
ජනවාරි 16 වැනිදා සිට 21 වැනිදා දක්වා එක්දින තරග තුනකට සිම්බාබ්වේ පිලට සත්කාරකත්වය ලබාදීමට ශ්‍රී ලංකාව නියමිතය. සියලුම තරග පල්ලෙකැලේ හිදී පැවැත්වේ. ලබන මාසයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායම T-20 ජාත්‍යන්තර තරඟ පහක් සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් ඉන් පසුව ටෙස්ට් තරඟ දෙකක් සහ T-20 ජාත්‍යන්තර තරඟ තුනක් සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. ඕස්ට්‍රේලියානු සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරුවෙකු නම් කිරීමට බලාපොරොත්තු වේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව