කහතුඩුව, ඉංගිරිය, රත්නපුර සහ පැල්මඩුල්ල දක්වා දිවෙන කිලෝමීටර් 76ක දිගින් යුත් රුවන්පුර අධිවේගී මාර්ගය දේශීය සමාගමකට බාර දීමට රජය තීරණය කර තිබෙන බව
කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම ව්‍යාපෘතිය විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත්
එය දේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම මඟින් රටට වඩාත් හිතකර ප්‍රතිඵල අත්කර ගත හැකි බව පෙනී ගොස් ඇති බව රජය පවසයි.
එම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු දේශීය බැංකු හරහා ලබා ගන්නා අරමුදල් භාවිතා කොට දේශීය ඉදිකිරිම්කරුවන් හරහා සිදු කිරිමටත්,කහතුඩුව සහ ඉංගිරිය අතර කොටස මෙම වසර අවසන් වීමට පෙර අවසන් කිරිමට කටයුතු කරන ලෙසත් දැනුම් දීමටද ආණ්ඩුව තීන්දු කර ඇත.
මේ සඳහා මාර්ග, මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද හෙතෙම සඳහන් කළේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට