රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන කිලෝමීටර් 24 යි මීටර 300 ක කොටසේ ඉදිකිරීමේ කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගමකට භාරදී තිබෙනවා.
ඊට අදාළ කොන්ත්‍රාතුව පිරිනැමීම මහාමාර්ග අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ සිදුකෙරුණා.
රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා කිලෝමීටර් 73 යි මීටර් 900 ක දුරකට ඉදිකිරීම සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවුණා.
එහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටස ඉදිකිරීමට නියමිතයි.
මෙම මාර්ග කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් ඉදිකිරීමට යෝජනා වූ අතර ඒ සඳහා කොන්ත්‍රාත්කරුවන් 12 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබුණා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව