රුසියාව ආක්‍රමණයකට සූදානම් වන බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.
යුක්‍රේන හමුදා බුද්ධි අංශ පවසන්නේ සිය දේශසීමා වටා කලාපයේ රුසියාව සිය හමුදා භටයින් දහස්ගණනක් තබා ඇති බවය.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් යුක්‍රේන හමුදා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඕනෑම ප්‍රහාරයක් මැඩපැවැත්වීමට තමන් සූදානම් අතර ඊට හැකියාව පවතින බවය.
දේශසීමා ආසන්නේ රැඳී සිටින භටයින් ජනවාරි අග හෝ පෙබරවාරි මුල වනවිට ප්‍රහාරයකට සූදානම් වෙමින් පවතින බවත් බුද්ධි අංශ අනාවරණ කර ඇත.
රුසියානු ආක්‍රමණයක් සම්බන්ධයෙන් අමෙරිකාවත් අනතුරු අඟවා ඇති අතර ඔවුන් පවසන්නේ ඒ සම්බන්ධයෙන් දැඩි විමසිලිමත්භාවයෙන් පසුවන බවය.
කෙසේවෙතත් එය අමෙරිකාවේ ප්‍රචාරණයක් බවට රුසියාව චෝදනා කරයි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ