රුසියානු-චීන සහයෝගීතාව ජාත්‍යන්තර කටයුතු තුලනාත්මකව පවත්වාගෙන යාමට වැදගත් භූමිකාවක් ඉටු කරන බව රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා ඊයේ(14) ප්‍රකාශ කළේය.
Lavrov මහතා එදින රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ පූර්ණ රැස්වීමේදී පැවසුවේ රුසියානු ජනාධිපති Vladimir Putin මහතාගේ එළඹෙන චීන නිල සංචාරය දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති බවයි. වඩාත් සාධාරණ හා ප්රජාතන්ත්රවාදී ලෝක පිළිවෙල ගොඩනැගීම සඳහා රුසියාව චීනය සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව හෙතෙම සඳහන් කළේ ය.
ජාත්‍යන්තර පද්ධතියේ ප්‍රතිසංස්කරණ සහ බහු ධ්‍රැවීය ලෝක පිළිවෙල ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට රුසියාව සහ චීනය කැප වී වැඩ කරන බවද Lavrov මහතා පැවසීය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්