යුක්රේනය සහ රුසියානු හමුදාවන් අතර සිදුවූ දරුණු ගැටුමකින් අනතුරුව යුක්රේන පාලනයේ පැවති චර්නොබ්ලි න්‍යෂ්ටික බලාගාරය ඇතුළු එම ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට රුසියානු හමුදාව සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර රුසියාවේ යුද ශක්තිය අඩපන කිරීම සඳහා අමෙරිකාව විසින් රුසියාව ඉලක්ක කර ගනිමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමේ වැදගත්කම එරට ආරක්ෂක අංශ විසින් ජනාධිපති ජෝ බයිඩ්න් වෙත පැහැදිලි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රුසියාවේ දුම්රිය සේවය ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රය, විදුලිබල පද්ධතිය ඉලක්ක කර ගෙන මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීමේ මුලික ස්ථාන ලෙස ඔවුන් හඳුන්වා දී ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේවෙතත් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා අවසන් නියෝග ලබාදී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට