රුසියාවට එරෙහි ආර්ථික සම්බාධකය ජූලි 31වනදා දක්වා තවත් මාස හයකින් දීර්ඝ කරන බව යුරෝපා සංගම් කවුන්සිලය ප්‍රකාශ කරයි.
එම ආර්ථික සම්බාධකයට වෙළඳාම, මුල්‍ය සේවාව, ප්‍රවාහනය, සුඛෝපභෝගී භාණ්ඩ, නාවික බොර තෙල් ප්‍රවාහනය, බැංකු පද්ධතිය හා මාධ්‍ය ක්ෂේත්රය ආදී අංශ ඇතුළත් බව ද යුරෝපා කවුන්සිලය ඊයේ(29) නිකුත් කළ අදාළ නිවේදනයේ දැක්වේ.
රුසියා යුක්රේන ගැටුම පවතින තුරු රුසියාවට පණවන සියලු සම්බාධක එලෙසම ක්‍රියාත්මක කරන අතර අවශ්‍ය අවස්ථාවන්හි තවදුරටත් ක්‍රියාමාර්ග ගන්නා බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.
යුරෝපා සංගමය ඇතුළු විවිධ ඒකක, රුසියාව හුදකලා කිරීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වී ඇතැයි යුරෝපා සංගමයේ රුසියානු රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායම එම නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේය. එම සම්බාධක, යුරෝපා සංගමය විසින් සිය භූමි පරාසය ඉක්මවා සිදු කළ නීති විරෝධී සීමා පැණවීම්, දේශපාලන වංචා හා නව යටත්විජිතවාදී හැසිරීම් බව රුසියානු පාර්ශ්වය චෝදනා කර ඇත.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ