රුසියාවේ කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 80 ඉක්මවා ගියා.
ගතවූ පැය 24ට පමණක් එරටින් හමුවී ඇති වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව තිස්පන්දහසකට ආසන්නයි. එමෙන්ම ඊයේ දිනයේදී කොරෝනා මරණ 998ක් ද සිදුව තිබෙනවා. එය ගතවූ පැය 24ට වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ඇමෙරිකාවෙන්.
එම සංඛ්‍යාව පනස් එක්දහස් එකසිය හැත්තෑ අටක්. ඉන්දියාවෙන් දෛනිකව හමුවන වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව පහළ යමින් පවතිනවා.
ඊයේ දිනයේදී එරටින් හමුව ඇත්තේ ආසාදිතයින් දෙළොස්දහස් තුන්සිය තිස් අට දෙනෙකු පමණයි. මේ අතර ලොව සමස්ත වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව විසිහතර කෝටි දහනව ලක්ෂයකට ආසන්න වනවා. සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව හතලිස් නව ලක්ෂ විසිදහස් තුන්සිය හැත්තෑ හතක්.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්