Vladimir Putin මහතා රුසියානු සමූහාණ්ඩුවේ අටවැනි ජනාධිපතිවරයා ලෙස වසර හයක කාලයක් සඳහා යළි දිවුරුම් දෙයි. ඊයේ (7) මොස්කව් හි ක්‍රෙම්ලිනයේදී ජනපති පදවි ප්‍රාප්ති උත්සවය පැවැත්විණ.
රුසියාව වත්මන් දුෂ්කර කාලය මැඩපවත්වා වඩා ශක්තිමත් වනු ඇති බවත්, නව සංවර්ධන සැලසුම් සහ ඉලක්ක ඉටු කිරීමේ මනා විශ්වාසයකින් සිටින බවත් Vladimir Putin මහතා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. රුසියාව අඛණ්ඩව විවෘතභාවය පවත්වා ගනිමින්, මිත්‍ර රටවල් සමඟ හවුල්කාරීත්වයන් වැඩි දියුණු කරනු ඇති බව ද ඔහු පැවසීය. ආරක්ෂාව සහ උපායමාර්ගික ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් බටහිර රටවල් සමඟ සංවාදවල යෙදිය හැකි නමුත්, එම සංවාද පැවැත්විය හැක්කේ සමානාත්මතාවය සහ එකිනෙකාගේ අවශ්‍යතාවලට ගරු කිරීමේ පදනම මත පමණක් බව Vladimir Putin මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්