සීඝ්රයෙන් ඉහළ යන කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රුසියාවේ වැඩ නොකරන සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
රුසියාවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 30,000 ඉක්මවන අතර කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (19) නැවතත් දහස ඉක්මවා ගියේය.
ඒ අනුව පවතින වාතාවරණය සලකා වැඩ නොකරන සතියක් ක්‍රියාත්මක කිරීමට රුසියානු බලධාරීන් සැලසුම් කර තිබේ.
උප අගමැතිනී ටටියානා ගොලිකෝවා යෝජනා කර තිබෙන්නේ ඔක්තෝබර් 30 වැනි දා සිට නොවැම්බර් 7 වැනි දා දක්වා වැඩ නොකරන සතිය ක්‍රියාත්මක කිරීමටය.
එමෙන්ම පොදු ස්ථාන හෝ ඉසව්වලට සහභාගි වීමේදී ජනතාව අනිවාර්යයෙන් කොවිඩ් මර්දන එන්නත ලබාගත් බව හෝ කොවිඩ් ආසාදනය වී සුවය ලබා සිටින බව තහවුරු කළ යුතු බව උප අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ අතර, වයස්ගත පුද්ගලයන් මාස 4ක කාලයක් නිවසේ රැඳී සිටිය යුතු බවටත් ආයතනවල සේවක සංඛ්‍යාවෙන් 30%ක් නිවසේ සිට රාජකාරී කළ යුතු බවටත් මොස්කව් බලධාරීන් නියෝග කර තිබුණි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි