මොස්කව් නුවර සිට රුසියානු සංචාරකයින් රැගෙන මෙරටට පැමිණීමට නියමිතව තිබූ තම ගුවන් සමාගමට අයත් යානා ලබන 31 වන දා දක්වා අවලංගු කර ඇති බව රුසියාවේ ප්‍රධාන ගුවන් සමාගම වන එරෝෆ්ලොට් ගුවන් සමාගම දැනුම් දී තිබෙනවා.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි මහතා සඳහන් කළේ සංචාරකයින් 300කට ආසන්න පිරිසක් රැගෙන එම ගුවන් සමාගමට අයත් පළමු යානය අනිද්දා අලුයම කටුනායක – බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිතව තිබූ බවයි.
කෙසේ වෙතත්, යුක්රේනයේ සහ කසකස්ථානයේ සිට සංචාරකයින් රැගත් යානා නියමිත පරිදි මෙරටට පැමිණෙන බව උප සභාපතිවරයා කියා සිටියා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග