යුක්රේන අර්බුදයේ ප්‍රධාන ප්‍රතිලාභියා ඇමරිකාව බව රුසියානු ආරක්ෂක කවුන්සිලයේ උප සභාපති Dmitry Medvedev මහතා පසුගියදා ITAR-TASS පුවත් ඒජන්සිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. ඇමරිකාව යුක්රේන අර්බුදය භාවිත කර අදාළ රටවල් තම ආර්ථික ආධිපත්‍යයට නතුකර ගනිමින් සිටින බව හෙතෙම කීය. 20 වැනි සියවසේ සිට 21 වැනි සියවස දක්වා ඇමරිකාවේ ඉතිහාසය පුරාවටම, තම අරමුණු ඉටුකර ගැනීම සඳහා විවිධ ගැටුම් ඇතිකර ඉන් ආර්ථික වාසි ලබා ගෙන ඇති බව ඔහු අවධාරණය කළේය.
යුක්රේන අර්බුදයෙන් ඇමරිකාවට යුද්ධෝපකරණ ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර, ඉන් ඇමරිකානු සමාගම් මුදල් උපයන බවත් , වර්තමාන ගැටුම් තත්ත්වය පවත්වා ගැනීමට ඇමරිකාව අපේක්ෂා කරන බවත් Dmitry Medvedev මහතා සඳහන් කළේය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය