නිල් මැණිකකින් නිර්මාණය කළ අඟල් 2ක් පමණවන පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් රුපියල් කෝටි 600ක මුදලකට විකිණිමට උත්සාහ කිරීමේදී මොණරාගල කුඹුක්කන ප්‍රදේශයේ දී සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා
ලද තොරතුරකට අනුව මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ සවස සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරන්නේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 26, 30 හා 40ක් වන රඹෑව, අනුරාධපුරය සහ පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්
සැකකරුවන් අද (05) මොණරාගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි