රාජ්ය සේවකයන්ට සහ විශ්රාමිකයින්ට රු. 5000 දීමනාව ලබාදීමට අදාළ චක්රලේඛය නිකුත් කර තිබේ.
මාසික වැටුප් ලබන ස්ථිර / තාවකාලික සහ කොන්ත්රාත් නිලධාරීන්ට දෛනික වැටුප් ලබන නිලධාරීන්ට සහ විශ්රාමිකයන්ට මෙම දීමනාව සඳහා හිමිකම් ලැබේ. වැටුප් රහිත නිවාඩු ලබා සිටින නිලධාරීන්ට මෙම දීමනාව සඳහා හිමිකමක් නොලැබෙන අතර අඩ වැටුප් නිවාඩු ලබා ඇති නිලධාරීන්ට හිමිවන්නේ මෙම දීමනාවෙන් අඩක් පමණයි.
දෛනික වැටුප් ලබන පුද්ගලයන් සඳහා සේවයට වාර්තා කළ යුතු සම්පූර්ණ දින ගණනම සේවයට වාර්තා කර ඇත්නම් සම්පූර්ණ දීමනාව ගෙවිය යුතු අතර එසේ සේවයට වාර්තා කර නොමැති නම් සේවයට වාර්තා කළ දින ගණනට අනුපාතිකව දීමනාව ගෙවිය යුතුයි. කිසියම් අයෙක් විශ්රාම වැටුප් කිහිපයක් හෝ විශ්රාම වැටුප සමග වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්රාම වැටුපක් හෝ ලැබුව ද එවැනි අයෙකුට හිමිවන්නේ ද මාසයකට රුපියල් 5000ක ඉක් දීමනාවක් පමණයි. පවතින විධි විධාන අනුව නැවත සේවයේ යොදවා ඇති විශ්රාමිකයින් සඳහා හිමිවනුයේ විශ්රාම වැටුප සමග හිමිවිය යුතු දීමනාව පමණක් බව සඳහන්. විශ්රාමිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම පිළිබඳ විශ්රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් විසින් වැඩිදුර පැහැදිළි කිරීම් ලබාදෙනු ඇති.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්