කලාවැව ජාතික උද්‍යානයේ සිටි විශාලත්වයෙන් වැඩිම හස්තියෙක් වූ රේවත විදුලි සැර වැදීම හේතුවෙන් මියගොස් තිබෙන බව වාර්තා වනවා.
බඩ ඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක පැටලී මෙලෙස මියගොස් තිබෙන්නේ.
හස්තියාගේ වයස අවුරුදු 40 ක් පමණ වන බවයි සඳහන් කළේ.
රේවත හස්තියා කලා වැව ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයන්ගේ දැඩි ආකර්ශනයට ලක්ව සිටි හස්තියෙක්.
මේ වන විට අනුරාධපුර පශු වෛද්‍ය ඒකකය මගින් මරණ පරීක්ෂණය ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාල වගාබිමේ හිමිකරු කැකිරාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්